NEEYAT ගැන අද Film පිස්සෝ තුලින්

 

2023  වසරේ හින්දි සිනමවේ අබිරහස් හා නාටය අංග මුසු වු දක්ෂ අධයක්ෂකවරයෙක්ගේ අතින් නිමවුනු 'NEEYAT' ගැන අද Film  පිස්සෝ තුලින්, අනු මෙනන් නම් සිනමා අධයක්ෂක වරයාගේ හා ගිර්වානි ධ්‍යානි හා අද්වෛත කාල අතින් රචනය වුණු මෙම සිනමා පටය විද්‍යා බාලන්, රාම් කපූර්,නිකි වාලියා ප්‍රවීන නළු නිලියන්ගේ හා දිපන්නිතා ෂර්මා, ප්‍රජක්ත කෝලි යන ආධුනික රංගන ශිල්පින් රැසකගේ රංගනයෙන් හැඩ වුණු සිනමා පටයකි.


Andreas neo ගේ කැමරාකරණයෙන් හා Parth Parekh ගේ සංගිතයෙන් අලංකර වි ඇත.

මෙම සිනමා පටයට පාදක වි ඇත්තේ පිටුවහල් කරන ලද ප්‍රෙකෝටිපතියෙකු වන ආශිෂ් කපුර්ගේ උපන් දින නිවාඩුවේ දි සිදුවන අද්භුත ඝාතනයන් හෙළි දරවු කර ගැනිමට CBI නිළධාරිනියක් වන කාතාවේ ප්‍රධාන චරිතය මීරා රාඕ දරණ උත්සහය යි.

මෙහි කැමරාකරණය හා පසුබිම් නිර්මාණය විශේෂ පැසසුමකට ලක්කළ යුතු වේ.අධයක්ෂකවරයගෙන් ප්‍රේක්ෂකයාට අමතක නොවන චිත්‍රපටයක අත්දැකිමක් ලබා දිමට රංගන ශිල්පින් හා සිත්ගන්නා සුළු දර්ශන ලබා දිමට නිෂ්පාදකයා උත්සුක වි ඇත.සිනමා පටයේ අවසානය වන තෙක් ඊළඟ විනාඩියේදී සිදුවන්නේ කුමක් දැයි නරඹන්නාට ප්‍රශ්නාර්ථයක් මතු කිරිමට හා ත්‍රසය කුතුහලය එක ලෙස පවත්වා ගැනිමට අධයක්ෂකවරයා සමත්ව ඇත.

මුල් නිකුතුව 2023 ජුලි 07 වන දින ආරම්භ කර ඇති මෙම සිනමා පටය  දැනට IMDB 6/10 අගයක් ලබා ගෙන ඇත.මෙම චිත්‍රපටය Amazon stadios සමග Abundantia Entertainment යටතේ Vikram Malhotra විසින් නිෂ්පාදනය කල විශිෂ්ට නිර්මාණයකි.

Neeyat විචාරකයන්ගේ හා ප්‍රේක්ශකයාගේ ධනාත්මක සමාලෝචන ලැබු චිත්රපටයක් ලෙස දැක්විය යුතුයි. අභිරහස් හා ත්‍රස්‍යජනක කතා නැරඹිමට ආසකරන අය නැරඹිය යුතුම සිනමා පටයක් ලෙස ඔවුන් නිර්දේශ කර ඇත. ප්‍රධාන නිලියගේ රංගනය ද  සිනමා පටය ප්‍රශංෂාවට ලක් විමට මෙයට හේතු ලෙස පෙන්වා දි ඇත. සමස්ථයක් ලෙස ගත් විට හින්දි සිනමාවේ තවත්  විශිෂ්ඨ නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැක.


 

සටහන:

තිළිණ අනුරාධ

Writer of Mix Cafe E - Magazine

Post a Comment

Previous Post Next Post