**වැසි සමයත් සමඟ නොපෙනෙන අවදානම
**
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශ
වලට ඇද හැලෙන දරුණු වර්ෂා තත්ත්වය හමුවේ
දැඩි අපහසුතාවකට ජනතාව පත් ව ඇති බවක් පෙනී යයි.
වර්ෂාව නිසාවෙන් ඇති වන මේ
දිනවල රටෙහි ඇති වී තිබෙන ගංවතුර හා
වර්ෂාව හේතුවෙන් හට ගන්නා වසංගත රෝග තත්ත්වයට මුහුණ දීමට රටටත් ජනතාවටත් සිදු වී
තිබේ.
වැසි සමයෙහි පැතිර යන රෝග
පිළිබඳව ජනතාව දැනුවත් වීම අතිශය වැදගත් වේ.
මේ දිනවල විටින් විට ඇති වන වැසි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමද ඒ හා සමානවම
වැදගත් වේ.
මේ වන විට සමහර ප්‍රදේශවල
ගංවතුර කෙමෙන් බැස ගියද එම ගංවතුර තත්ත්වයත් සමඟ මතුවිය හැකි ගැටලුවක් වන්නේ
ජලයෙන් බෝවන රෝග පැතිරීමේ දැඩි අවදානමයි.
ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති
බැවින් උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් පානය කිරීම ඉතාමත් වැදගත් වේ.
අවදානම් කාල සීමාව පහව
යනතුරු අමුවෙන් ආහාරයට ගන්නා පලතුරු හෝ පලා වර්ග පරිභෝජනයෙන් වැළකී සිටීම ඉතා
වැදගත් කරුණක්.
රක්ත අතීසාරය (ලේ අතීසාරය), පාචනය හා මී උණ
(ලෙප්ටොස්පයිරෝසිස්) වැනි රෝග මෙහිදී පැතිර යා හැකි අතර වෛද්‍ය නිලධාරීන් පවසන්නේ
ඒ සම්බන්ධයෙන් ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවයි.
ලේ අතීසාරය, පාචනය, මී උණ වැනි රෝග සාමාන්‍යයෙන්
පැතිරීම සිදු වන්නේ ජලය ආශ්‍රය කරගෙනයි. රෝග ගත් විට එම රෝගකාරක ක්ෂුද්‍රජීවීන්
නිරෝගී පුද්ගලයකුගේ සිරැරට මුඛය හරහා ඇතුළු වන අතර අපිරිසුදු ආහාර ගැනීමෙන්, අපිරිසුදු ජලය බීමට ගැනීමෙන්, මැස්සන් වැනි කෘමීන් හරහා සහ
අපිරිසුදු දෑත් නිසා මෙසේ ඇතුළු වෙන්න පුළුවන්.
ගංවතුර පවතින ප්‍රදේශවල ජල
මට්ටම ඉහළ යාමත් සමඟම එම ප්‍රදේශවල වැසිකිළි වළවල් ඉතිරීමෙන් හා පසෙහි පවතින කුණු
කසළ සේදී යාමෙන් ළිං වැනි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමේ අවදානමක් පවතින නිසා හැකිතාක්
එම ජලය පරිභෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මෙහිදී ජනතාව දැනුවත් කර ඇත්තේ.
අපිරිසුදු ජලයට බැසීම නිසා චර්ම රෝගද හටගත හැකි බැවින් ඒ සම්බන්ධයෙන්ද ජනතාව
අවධානය යොමු කළ යුතු බවයි වෛද්‍ය මතය වෙන්නේ.
ගංවතුර පවතින ප්‍රදේශවල
මෙවැනි රෝගකාරක ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවිය හැකි අතර ආහාරපාන හා පානීය ජලය හරහා
ඒවා ශරීරගතවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශ මුළුමනින්ම පිරිසුදු කර ළිං වැනි ජල
මූලාශ්‍ර ද ජලය ඉස පිරිසුදු කර පරිභෝජනයට සුදුසු ආකාරයෙන් පිළියෙළ කරගන්නා තුරු
ඒවා භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙහි අවදානමක් පවතින නිසාය.
ගංවතුර සමයේ මෙවැනි රෝග
වලින් ආරක්ෂා වීම අතිශය වැදගත් ය.
ශ්වසන ගැටලු, චර්ම රෝග ඇතුළු තවත් රෝග.
ගංවතුර තත්ත්වය පහළ ගිය පසු
පුද්ගලයාට ශ්වසන ගැටලු, චර්ම රෝග ඇතුළු තවත් රෝග ගණනාවක් ඇති වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක
පවතිනවා. එවැනි රෝගවලින් ආරක්ෂා වීමට නම් අනවශ්‍ය ලෙස ජලයේ බැස සිටීමෙන් වැළකීමටත්
සියල්ලන්ම උත්සාහ ගත යුතුයි. ඩෙංගු රෝගය ඇති වීමේ අවදානම ද වැඩි වී ඇති නිසා එයින්
වැළකීමට අවශ්‍ය ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත් කරා යොමු වීම ද වැදගත් වෙනවා.
ගංවතුර තත්ත්වය නිසා දිලීර
ආසාදන වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. ගංවතුරේ බැස සිටීම නිසා විවිධ දිලීර ආසාදනවලට
පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව තියෙනවා. අත් කකුල් කැසීම, හොරි වැනි චර්ම රෝග මෙන්ම
පණුවන් කෑම (දියමිටියන් කෑම) යනු දිලීර ආසාදනයන්ය. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස මෙන්ම ඩෙංගු වැනි
වසංගත රෝග මේ සමයේ දී බහුලව ව්‍යාප්ත වෙනවා. කුඩා ළමයින් වැඩිහිටියන් හා ගැබිනි
කාන්තාවන් මෙම රෝගවලට ඉතා ඉක්මනින් ගොදුරු වීමේ හැකියාව පවතිනවා. ගංවතුර බැස යාමත්
සමඟ මැසි මදුරු ගහණය වැඩි වීම පුද්ගලයන් මෙම රෝගවලට ඉතා ඉක්මනින් ඉතා පහසුවෙන්
ගොදුරුවීමට බලපාන හේතුව වෙනවා. මදුරු දැල් භාවිතය හා මදුරු විකර්ෂක භාවිතයෙන් මෙම
රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
රක්ත අතීසාරය හා ලේ අතීසාරය, පාචනය හා මී උණ.
රක්ත අතීසාරය හා ලේ අතීසාරය, පාචනය හා මී උණ වැනි රෝග
පැතිරීම සිදු වන්නේ ද ජලය ආශ්‍රිතවයි. එම රෝග ගත් විට රෝග කාරක ක්ෂුද්‍ර ජීවින්
නිරෝගී පුද්ගලයකුගේ සිරුරට මුඛය හරහා ඇතුළු වන අතර අපරිසුදු ආහාර ගැනීමෙන්, මැස්සන් වැනි කෘමීන් හරහා සහ
අපිරිසිදු දෑත් නිසා මෙම රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා ජලය
සහිත දියාරු මළ දිනකට දෙවතාවකට වඩා හෝ සාමාන්‍යයෙන් පුරුදු වාර ගණනට වඩා වැඩි වාර
ගණනක් මළ පිටවීම පාචනය වශයෙන් හඳුනා ගැනේ. බොහෝ රෝගීන්ට මෙම තත්ත්වය දින දෙක තුනක්
තිබී නවතියි. පාචනය නිසා විජලනය වැනි තත්ත්වයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ලේ සහ
සීදම් සහිත මළ පිටවේ නම් එය දරුණු තත්ත්වයක්. මෙය ලේ අතීසාරය කියලයි හැඳින්වෙන්නේ.
දියාරු මළ පිටවීමට අමතරව වමනය, බඩේ කැක්කුම, උණ වැනි රෝග තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්.
පාචනය ඇති කිරීමේ රෝගකාරක
බොහොමයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත් බහුල වන්නේ වෛරස් ආසාදනයයි. ඊ කෝලයි, සැල්මොනෙල්ලා වැනි
බැක්ටීරියාවන් මගින්ද එන්ටැමීබා වැනි ප්‍රෝටසෝවන් හා කස පණුවන් මගින් ද පාචනය ඇති
වෙනවා.
*ඩෙංගු රක්තපාත .*
මේ උණ රෝගයේ රෝග ලක්ෂණ පේන්න
පටන් ගන්නේ වෛරසය ඇඟට ඇතුල් වෙලා දවස් දෙකත් හතත් අතර කාලයක් ගියාම.
තද උණ, හම
යට පොඩි රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නහයෙන් ලේ ගැලීම, කළු - දුඹුරු පාටට වමනය හෝ මළ පහ
පිටවීම, මුත්‍රා එක්ක ලේ පිටවීම, තද බඩේ අමාරුව ඩෙංගු රක්තපාත උණේ රෝග ලක්ෂණ. හැබැයි ඇඟ සුදු මැලි වීම,
අත, පය සීතල වීම, වේගයෙන්
නාඩි වැටීම, අඩු රුධිර පිඩනය වගේ රෝග ලක්ෂණ ඇති
වුනා කියන්නෙ ඒ රෝගියාට ගොඩක්ම අසාධ්‍යයි කියන එක.
දියවැඩියා රෝගීන් දෙපාවල ආරක්ෂාව
පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
වතුරේ සැඟවුණු වීදුරු කටු, කම්බි කටු හා වෙනත් දෙයින් දෙපා තුවාල විය හැකියි. විශේෂයෙන්
දියවැඩියා රෝගීන් දෙපාවල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම රෝගීන්ට
සිදුවන තුවාල සුව කළ නොහැකි වීමෙන් දෙපා කපා ඉවත් කිරීමට වුවද සිදු විය හැකියි.
පාවහන් පැලඳීම එවැනි අනතුරු වළක්වා ගැනීමට උපකාර කර ගත හැකිය.
ගංවතුර සමඟ විෂ වර්ග, පොහොර හෝ කෘෂි රසායන ද්‍රව්‍ය මුසු විය හැකිය. බොහෝ විට විෂ වර්ග
ජලයට මුසු වීම මිනිසාගේ මැදිහත්වීමෙන් මෙන්ම මැදිහත්වීමෙන් තොරව ද සිදු වෙනවා.
ගෘහස්තව ගබඩා කර ඇති හෝ කර්මාන්තශාලාවල
ගබඩා කර ඇති හෝ මෙම ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීමක් සිදුවිය හැකිය. කුමන ආකාරයකින් හෝ
එම ජලය ශරීරගත වුවහොත් බරපතළ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමකට පුද්ගලයා මුහුණපායි.
එවැනි ජලය පානය කිරීම, ආහාර පිළියෙළ කිරීමට යොදා ගැනීම, මුව
සේදීම හෝ ස්නානය කිරීම පවා කිසිසේත්ම නොකළ යුතුය.
ගංවතුර පවතින ප්‍රදේශවල ජල මට්ටම ඉහළ
යාමත් සමඟම එම ප්‍රදේශවල වැසිකිළි වළවල් ඉතිරීමෙන් හා පසෙහි පවතින කුණු කසළ සේදී
යාමෙන් ළිං වැනි ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙනවා. ජනතාව එම ජලය පරිභෝජනය කිරීමෙන්
වැළකිය සිටින්න ඕනේ. එම ජලය භාවිතයට ගැනීමට පෙර ක්ලොරීන් දමා පිරිසුදු කර ගත යුතු
වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ක්ලොරීන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන්
හෝ සෞඛ්‍ය කාර්යාලයෙන් ලබා ගත හැකියි.
මී උණ ඇතිවීමේ අවදානමක්.
ආපදා කාලය තුළ නිවෙස්වල රැඳී සිටින
ජනතාවට මෙන්ම අනවශ්‍ය ලෙස එම ජලයෙහි බැස සිටින අයට මී උණ ඇතිවීමේ අවදානමක් පවතී.
මීයන්ගේ මුත්‍රාවල ඇති විෂබීජ ජලයට මිශ්‍ර
වීමෙන් සිරුරෙහි තුවාල හෝ සීරිම් ඇති ස්ථානවලින් මෙම විෂබීජ ශරීරගත වීම නිසා මී උණ
රෝගය වැළදේ.
ගංවතුර පවතින ප්‍රදේශවල මෙවැනි රෝග
කාරක ව්‍යාපෘති ශීඝ්‍රයෙන් සිදුවේ. ආහාර පාන හා පානීය ජලය හරහා ඒවා ශරීරගත වීමේ
හැකියාව වැඩි වශයෙන් පවතී. භාවිතයට ගන්නා ජල මූලාශ්‍ර මුළුමනින්ම පිරිසුදු කර
ළිංවල ජලය ඉස පිරිසුදු කර පරිභෝජනයට සුදුසු ආකාරයෙන් පිළියෙළ කරගන්නා තුරු ඒවා
භාවිතයට නොගැනීමට ජනතාව වගබලා ගත යුතුයි.
ගංවතුර බැස යාමත් සමඟ ඩෙංගු උණ ශීඝ්‍රයෙන්
පැතිරී යන ආකාරයක් දැකගත හැකියි. රාත්‍රී කාලයේ මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට අවශ්‍ය
මදුරු දැල් (Mosquito Net) සහ දිවා කාලයේදී මදුරුවන් පලවා හරින ද්‍රව්‍ය
(පැඟිරි තෙල්, සුවඳ කූරු) භාවිතා කළ හැකියි. මී උණ
රෝගය වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාලවල විශේෂයෙන්ම පැතීරි යන රෝගී තත්ත්වයකි.
ලෙප්ටොන්පයිරෝයින් නමැති බැක්ටීරියාව
මගින් මී උණ වැළදෙයි. මී උණ රෝගය වැළදුන සතුන් පිට කරන මුත්‍රා හරහා මේවා පරිසරයට
මුදා හැරෙන අතර කුඹුරු දිය කඩිති හා ජලය රැඳුණු තැන්වල බැක්ටීරියාව පැවතිය හැකිය.
ඒවා මිනිසාට ආසාදනය වන්නේ සමෙහි ඇතිවන තුවාල හරහා හෝ නාසයේ හෝ මුඛයේ ඇති සියුම්
පටක හරහාය. ඒ මගින් රුධිර සංසරණයට එකතු වන බැක්ටීරියා ශරීරයේ පටක හා අවයව සියල්ලම
තුළට ගමන් කරයි. අවට පරිසරය පිරිසුදු කිරීමත් ජලය රැඳෙන ස්ථාන වහා ඉවත් කිරීමට
අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරි කාර්යාලයෙන් හෝ ජංගම සෞඛ්‍ය සේවා වෙතින් මී උණෙන් වැළකීම සඳහා වන ආරක්ෂක ඖෂධ
ලබාගත හැකිය.
සර්පයන්ගේ දෂ්ඨනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක්.
ගංවතුරෙහි බැස සිටීමෙන් ජලයේ පාව එන
සර්පයන්ගේ හෝ විෂ සහිත සතුන්ගේ දෂ්ඨනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතිනවා.
කබරයන්, කිඹුලන් වැනි භයානක සතුන්ද ජලාශවලින් පිටතට
පිහිනා ගම් වැදීමට ඉඩ ඇති හෙයින් අනාරක්ෂිත ලෙස ජලයේ බැස ඇවිදීම අවදානම් සහගතය.
ජලයට වැටුණු ගෘහස්තව ඇති කරන හා පරිසරයේ ජීවත්වන බල්ලන්, පූසන්
වැනි සතුන්ගේ සපාකෑම්වලට පුද්ගලයන් ලක් වන අවස්ථාද තිබිය හැකියි. යම්කිසි අවස්ථාවක
සතුන්ගේ සපාකෑමකට ලක්වුවහොත් සබන් යොදා තුවාලය හෝ සීරිම් ඇති ස්ථාන හොඳින්
පිරිසුදු කර ගත යුතුයි.
සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක්
යොමු කළ යුතුය.
ආපදාවට ලක්වූ ජනතාව තම සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි
වැඩි අවධානයක් යොමු කළ යුතුයි. හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කරන ලද
ජලය බීමට ගත යුතුයි. පලතුරු, එළවළු සහ පලා වර්ග ආහාරයට ගැනීමට පෙර
හොඳින් සෝදා පිරිසුදු කරගත යුතුයි. ආහාර සැකසීම සඳහා නළ ජලය වුවද භාවිතා කරන්නේ
නම් උණු කර නිවා ගැනීම වඩා සුදුසු වෙනවා.
විෂබීජ පැතිර යාමේ අවදානම වැඩි නිසා
එළවළු හා පලතුරු අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. වැසිකිළි යාමෙන්
පසුවද ආහාර ගැනීමට පෙර ද සබන් යොදා අත් සේදීම මඟින් දෙඅත් මඟින් විෂබීජ ශරීරගත වීම
අවම කර ගත හැකි වෙනවා. ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම හෝ පිරිසුදු කිරීම, කසළ බඳුන්වල දමා නිසි පරිදි බැහැර කිරීමද මීට පිළියම් වෙනවා.
විපතට පත්වූවන්ට ආධාර ලබාදීමේදී ඉතා
ඉක්මනින් සකස්කර ගත හැකි වියළි ආහාර ලබාදීම වඩා සුදුසුයි. පිසූ ආහාර ලබා දීමේදී
ආහාර පිළුණු වියහැකි බැවින් අවතැන් වූ ජනතාව එක්රැස්වන ස්ථානයේදී හෝ කඳවුරුවලදී ඒ
අවස්ථාවේදීම ආහාර පිළියෙළ කරදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකි.