හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය හෙවත් “පනාපුත්‍ර කුහුඹුපැණියා” ලෙස හැඳින්වෙන ජැක්සන්
ඇන්තනී මහතා සියල්ලන් හඩවා දැයෙන් සමුගනී.
ජැක්සන් ඇන්තනි මහතා
,
ආචාර්ය
සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි
පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහුට අයත් කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් අනතුරකට ලක්විණ.
සත්වයින්ට
මෙතරම් ආදරය කරන ඔහු මෙවනි ඉරණකට ලක්වූයේ සියල්ලන්ගේ
හදවත් කම්පාකරවමිනි. මෙම අනතුරින් අසාධ්‍ය තත්වයේ සිටි ඔහු මාස 14ක කාලයක් කොළඹ ජාතික
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ පවුලේ සාමාජිකයන්ගේ , වයිද්යවරුන්ගේ
වරුන්ගේ මෙන්ම ඔහුගේ ආදරණීය රසික හදවත් වල ආශිර්වාදයෙන් කෙමෙන් කෙමෙන් සුව අතට
හැරෙමිනි.
නමුත්
අවාසනාවන්ත ලෙස ඔහු ඉකුත් 09 වනදා අලුයම අභවප්‍රාප්ත වී ඇති බව
පවුලේ ඥාතීහු දැනුම් දෙති.
ඉතිහාස විශ්ලේෂකයෙකු
ලෙස සිය දැනුම් සම්භාරය හරහා මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය
ඔහු මෙරට සිටි අතිවිශිෂ්ට මාධ්‍යවේදීයෙකි. ලාංකීය මෙන්ම විදේශීය සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන්
ඇන්තනී මහතා සිය දැනුම් සම්භාරය වගේම තමා සතු අත්දැකීම් තම දරුවන් තිදෙනාට මෙන්ම, අනාගත දරු පරපුර වෙනුවෙන්ද ලබාදෙමින් සිදුකළේ මිල
කළ නොහැකි මෙහෙවරකි.
දැනුම් සම්භාරයක්
තිබුණ විශ්ව කෝෂයක් , පුස්තකාලක්. ඔහුගෙන් අපේ කලා
ක්ෂේත්රයට වගේම අපේ රටට ඇති වන අඩුව පුරවන්න නම් කවදාවත් බැරි වේවි. ඒ තරමට ම ඔහු අතිදක්ෂ, වටිනා මනුස්සයෙක්. ඔහුගේ සමු ගැනීම
ඔහුගේ පවුලට වඩා මේ රටට, කලා ක්ෂේත්රයට වන කිසිදා පිරවිය නොහැකි අඩුවකි.
සිනමාව, වේදිකාව, පුංචි තිරය තුළ රංගනයෙන්
නොනැවතී, ගායනය, ලේඛකත්වය, නිවේදනය, වැඩසටහන් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය වේදිකාව, වගේම කථිකයෙක්, ඉතිහාසඥයෙක්, සම්මානනීය ගීත රචකයෙක්, නාට්‍යවේදියෙක්, කවියෙක්, ගුවන්විදුලි අධ්යක්ෂවරයෙක්, හඬ නළුවෙක්, සන්නිවේදකයෙක්, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්, දේශකයෙක්, භාෂාඥයෙක්, ගවේෂකයෙක්, ගුරුවරයෙක්, සහය පුස්තකාලායාධිපති
වරයෙක්, නවකතාකරුවෙක්, නැට්ටුවෙක් , අතිසාර්ථක "You
tuber" කෙනෙකු මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු
ලෙස බොහෝ ක්ෂේත්රයන් තුළ ප්රවීනත්වය දැරූ රංගධර
කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි මහතා 1958 ජූලි 8 වන දින රාගම පොඩිවීකුඹුර
ග්‍රාමයේ උපත ලැබීය. බොහෝ අය ඔහුව "ජැක්සන්" ලෙස හඳුනාගෙන තිබියදී, ඔහුගේ දෙමාපියන්
ඔහුව හැඳින්වූයේ "මල්සි" යනුවෙනි. ඔහු හපුගොඩ කනිෂ්ඨ
විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ
අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක්
ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා
ගත්තේය.
ඔහුගේ සාර්ථකත්වයේ
දැවැන්ත කණුව ලෙස ඔහු නිතර සිහිපත් කරන්නේ තම පියා වන කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනී සහ
ඔහුගේ මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරාය. ජැක්සන්ගේ මවුපියන් ජීවත් වූයේ ඔහුගේ උපන් ගම වන රාගම
පොඩිවීකුඹුරේය.
ඔහුගේ සීයා ලංකා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර්වරයකු
ලෙස සේවය කළ පේදුරු ඇන්තනි ය. ඔහු සහෝදරයන් 5 දෙනෙකුගෙන් යුත්
පවුලකින් පැවත එන අයෙකි. වැඩිමහල් සහෝදරයා මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදියෙකු ලෙස සේවය
කල හා චරිතාංග නළුවකු වූ සේනක ටයිටස් ඇන්තනි ය. ඔහුගේ අනෙකුත් සහෝදරයන්
වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන්
ඇන්තනි ය. 2017 ඔක්තෝම්බර් 23 වන දින සිංගප්පූරුවේදී
ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන සේනක ටයිටස් වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය
ගියේය.
ඇන්තනි විවාහ වී
සිටින්නේ නිළියක් සහ ගායිකාවක් ද වන කුමාරි මුණසිංහ සමඟයි.
ඔවුන්ට පුතුන් දෙදෙනෙකු
සහ දියණියක සිටින අතර පවුල කොළඹ කඩවත තදාසන්න ප්‍රදේශයක පදිංචි ව
සිටී. දියණිය මාධවී වත්සලා රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක්
ලෙස කටයුතු කරයි. වැඩිමහල් පුත් අකිල ධනුද්දර ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක්
සහ නළුවෙකි. ඔහුගේ බාල පුත්, සජිත අනුත්තර ද රූපවාහිනී වැඩසටහන්
ඉදිරිපත් කරන්නෙකු, ගායකයෙකු සහ සම්මානලාභී නළුවෙකු වන අතර ඔහු සූරිය අරණ හි දඩයක්කාරයාගේ
පුතාගේ චරිතය නිරූපණය කර ඇත. සජිත කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු තම පියාගේ චිත්‍රපටයක් වන "අබා" හි ප්‍රධාන චරිතය ද රඟපා
ඇත.
අකිල
විවාහ වී සිටින්නේ එමී සමඟ වන අතර මෙම යුවළට එක් දරුවෙකු සිටී. සජිත විවාහ වී සිටින්නේ
බුවනිකා සමඟයි ඔවුන්ටද කුඩා පුත්රයෙක්සිටී.
ජැක්සන්
මහතා කතෝලික නමුත් බෞද්ධ අධ්‍යයනයට ලැදි අයෙකි. ඔහු ශ්‍රී ලාංකේය බෞද්ධ
ඉතිහාසය පිළිබඳ සාකච්ඡා වැඩසටහනක් බෞද්ධයා නාලිකාවේ පවත්වනු ලැබීය.
ඔහු විශ්වවිද්‍යාල වේදිකාවේ වේදිකා
නාට්‍ය කිහිපයකම විශාල ලෙස රංගනයෙන් දායක වී තිබෙනවා. ඉන්පසුව නෙවිල් ඩයස්
සුබසිංහගේ ..වාරුවෙන් යන මිනිසුන්.. සහ මානවයෝ.. මෙන්ම ඊ.එම්.ඞී. උපාලිගේ ..මෙතනින්
මාරුවෙනු.. නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වුණා. ඉන්පසුව ..මරාසාද්.. ..මධුර ජවනිකා.. ..ලෝම හංස.. ..ධවල බීෂණ.. ..ඇත්.. ..මෝරා... වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ද ඔහු රඟපෑවේය. .....තාරාවෝ ඉගිලෙති' වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙන්
පසු ඔහුට සිනමා ක්ෂේත්රයේ පිළිගැනීමක් ගෙන ආවේය. ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවා
වූයේද ඔහුය.
1992
දී
ඔහු සිය මංගල ටෙලි නාට්‍යය "ඇසළ කළුවර" අධ්‍යක්ෂණය කළේය. 1990 දී ‘භූමිකා 7’ නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ
හොඳම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමඟින් විද්වත් රසිකයින්ට ජැක්සන්ගේ
පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි විය. පළමුව ඔහු ඇසළ කළුවර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ..දස්කොන්.. පසුව දේශීය සම්මාන උළෙල කිහිපයකදීම
සම්මාන දිනා ගත්තේය. ඔහුගේ රංගන දිවිය
තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය
සම්මාන උළෙලවලදී ඔහු හොඳම නළුවා සම්මාන 20කට වඩා ලබාගෙන ඇත.
1993 දී ඔහු සිනමා කර්මාන්තයට
පැමිණියේය. තම මුල් කාලයේ ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක
වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි ඇවිත් සහ ගිනි
කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග
ප්‍රතිභාව පෙන්වීමට
ඔහුට හැකිවිය. මේ අතර ඔහු රූපවාහිනිය සමඟ ද සම්බනධ විය. නළුවෙකු ලෙස තමාගේම
අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මෙම ක්ෂේත්‍ර ඔහුට උපකාර විය. ඔහුගේ ජනප්‍රියම රූපවාහිනි චරිත
කිහිපයක් පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා හරහා
දැකගත හැකිවිය. මෙයින් ඔහු සුමති සම්මාන හොඳම නළුවාට හිමි
සම්මානය දිනා ගත්තේ පිටගම්කාරයෝ කතා මාලාවේ ඔහුගේ
රංගනය වෙනුවෙනි. තරණය චිත්‍රපටයේ ඔහු "තංගප්පන්" නම් දුම්රිය මිනිසාගේ
චරිතය රඟපාමින් අඳුරු මායාවන් ප්‍රගුණ කළේය. එමෙන්ම බව දුක චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
ඔහු පහතරට නැටුම් ඉගෙන ගත්තේ හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේගෙනි.
2007
වසරේදී
ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය ඇන්තනි හිමිකර ගත්තේය. 2000 දශකයේ මුල් භාගයේ ස්වර්ණවාහිනී නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු
කළ අතර හපන් පැදුර නම් ජනප්‍රිය ළමා සංගීත වැඩසටහනක්
නිෂ්පාදනය කළේය. මීට අමතරව මහා සිංහලයේ වංශ
කතාව සහ මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව යන ඉතිහාස වැඩසටහන්
ස්වර්ණවාහිනිය හරහා වසර කිහිපයක් ඉදිරිපත් කළේය. ඔහු විසින් නිර්මාණය
කරන ලද අනෙකුත් ජනප්‍රිය වැඩසටහන් අතරට අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය සහ සලං හන්තේ සංචාරක වැඩසටහන්
හැදින්විය හැක.
සිනමාවට
අමතරව, ඔහු ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සංගීත කටයුතු
කළේය. ඔහු ක්ලැරන්ස් සමඟ ...සිතේ සුසුම්.. සහ ..දෑස
පියා ගත්කල.. නම් අතිශය ජනප්‍රිය ගීත දෙකක් ගායනා කළේය.
ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර්
චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත.
ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ..ජුලියට්ගේ
භූමිකාව..
විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි
සම්මානය ඔහුට හිමි විය. පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතර එය
විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ අධ්‍යක්ෂණය අබා, ශ්‍රී ලංකාවේ මිල අධික
චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා
උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් 2015 දෙරණ චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම නළුවාට
හිමි සම්මානය දිනා ගත්තේය. 2017 දී ඔහු තවත් ශ්‍රී ලාංකික නිළියක්
වූ පියුමි හංසමාලි සමඟ අනිල් කුමාර්
විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට
සම්බන්ධ විය.
2018 වසරේ නිළි රැජින
මාලනී ෆොන්සේකාගේ රංගනය න්‍යාය ගත කරමින් ඔහු "මාලනී රංග න්‍යාය" යන නමින් ග්රන්ථයක් එළිදැක්වූ
අතර සිනමාව සහ රූපණවේදය අධ්‍යනය කරන ශිෂ්‍ය පරම්පරාවට එය මහඟු
සම්පතකි. රියැලිටි තරඟ විනිසුරුවරයෙකු ලෙසින් ද "Youth
With Talent" සහ "Hiru Super Dancer" යන වැඩසටහන් ද්විත්වයේ
ඔහු කටයුතු කරන ලදී. සනුක වික්‍රමසිංහ සංගීතවත් කොට සජිත ගයන "ස්වර්ණපාලියේ" ගීතය සහ චින්තක ජයකොඩි
සංගීතවත් කළ "මිහිරාව ආවා" යන ගීතයන්ද ඔහු
විසින් රචිත ඒවා වේ.
ඇන්තනි
සිරස ටීවී ඔස්සේ විකාශය වූ ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ
විනිශ්චයකරුවන් තිදෙනාගෙන් කෙනෙකි. 2020 ජනවාරි මාසයේදී ඔහු
සිය
"කන්ද උඩ ගින්දර" කෘතිය එළිදැක්වීය. 2020 ජූලි 22 වන දින ඔහු කළු ගඟ ඔස්සේ දෙවන සංචාරක
වාර්තා වැඩසටහන "කළු ගඟ දිගේ" ආරම්භ කළේය.
ඔහු රංගනයෙන් දායක් වූ වේදිකා නාට්‍යය කිහිපයක්
• බෙර හඬ
•
අත්
•
ඔත්තුකාරයා
•
මෙතනින්
මරුවෙනු
•
"ලෝමහංස"
•
තාරාවෝ
ඉගිලෙති
•
මධුර
ජවනිකා
•
මහා
සමයම
•
ධවල
භීෂණ
ඔහු
විසින් ගායනා කරන ලද ගීත
•
ක්ලැරන්ස්
විජේවර්ධන සමඟින් = සිතේ සුසුම් නිවන
ගයන
•
ක්ලැරන්ස්
සමඟින් = දස පිය ගත් කල මත
•
ක්ලැරන්ස්
සමඟින් = "දේවතවන් සිටන දවල්"
•
ක්ලැරන්ස්
සමඟින් = රෑ තාරකාවෝ
•
බිරිඳ කුමාරි මුණසිංහ සමඟින් = ලන්දේ උකුල උඩ
•
බණ්ඩාර
දෙයියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය
•
පවුලේ
සාමාජිකයන් සමඟ = අහස පොළව උහුලනවලු
ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට කිහිපයක්
•
ගුරු
ගෙදර
•
චිට්ටි
•
අයෝමා
•
වීසි
දැල
(1994)
•
ලොකු
දුව
(1994)
•
භව
දුක
•
භව
කර්ම
•
ගිනි
අවි සහ ගිනි කෙළි
•
අස්වැසුම
•
අග්නිදාහය (2002)
•
සූරිය
අරණ (2004)
•
මිල්ලෙ
සොයා (2004)
•
රන්දිය
දහර
(2004)
•
ගරිල්ලා
මාර්කටින් (2005)
•
ධීවරී (2006)
•
කුරුලු
පිහාටු (2006)
•
අබා: පණ්ඩුකාභය (2008) - අධ්‍යක්ෂණය
•
ප්‍රවේගය (2015)
•
ඇඩ්රස් නෑ (2015)
•
ධර්ම
යුද්ධය(2017)
ජැක්සන් ඇන්තනී දිනා ගන්නා ලද සම්මාන
"ගම්පහ
80" නාට්‍ය උළෙලේදී
1980හොඳම නළුවා
1980හොඳම පිටපත
1980හොඳම නිෂ්පාදනය
ජාතික නාට්‍ය උළෙල
1983
මෙතනින්
මාරුවෙනු - හොඳම සහය නළුවා
1986 මරාසාද් - හොඳම නළුවා
දිවයින
සම නාට්‍ය උළෙල
1987මරාසාද් - හොඳම නළුවා
විජය
රූපවාහිනී සම්මාන උළෙල
1987
කඩුල්ල - හොඳම නළුවා
උන්ඩා
සම්මාන උළෙල
1991
කඩුල්ල - හොඳම නළුවා
1992 මහමෙර පාමුල - හොඳම පිටපත
1996 අකාල සන්ධ්යාරංගනය සඳහා විශිෂ්ටතා
සම්මානය දිනාගති
සුමති
සම්මාන උළෙල
1997
පිටගම්කාරයෝ - හොඳම නළුවා
2002මහා සිංහලේ වංසකතාවමාධ්ය සඳහා විශිෂ්ටතා
සම්මානය
2004 යෙහෙලි - හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ - හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතාමාධ්ය සඳහා විශිෂ්ටතා
සම්මානය
2016 දස්කොන් - හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් - හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් - හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ - හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ - හොඳම ටෙලිනාට්‍ය පිටපත සදහා
හිමි සම්මානය දිනාගති
ජන
මාධ්‍ය සම්මාන උළෙල
2006
මහා
සිංහලේ වංසකතාව - හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා සදහා හිමි
සම්මානය
විචාරක
සම්මාන උළෙල
1995
පුනරුප්පත්තිය - හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව - වඩාත්ම ප්රවර්ධක අධ්යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි - හොඳම නළුවා සදහා
වන සම්මානය
සිග්නීස්
ඕ.සී.අයි.සී සම්මාන උළෙල
1996
ලොකු
දුව
- හොඳම
නළුවා
1997 බව කර්ම & බව දුක - හොඳම නළුවා
2002 අග්නිදාහය - කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර - කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය සදහා වන
සම්මානය
සරසවිය
සම්මාන උළෙල
1996
අයෝමා - කුසලතා සම්මාන
1997 බව දුක - හොඳම නළුවා
2004 රන්දිය දහර - හොඳම නළුවා
2005 මිල්ල සොයා - හොඳම සහය නළුවා සදහා වන සම්මානය
ජනාධිපති
සම්මාන උළෙල
1997
ජුලියට්ගේ
භූමිකාව - විශේෂ ජූරි සම්මාන
1997 බව දුක - හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි - හොඳම නළුවා
1998 අස්වැසුම - හොඳම නළුවා
2001 සූරිය අරණ - හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් - හොඳම නළුවා සදහා
වන සම්මානය
හොඳම
දහය සම්මාන උළෙල
1997
අග්නිදාහය - සංස්කෘතික ජයග්‍රහණය
ස්ලීම්
නිල්සන් ජනතා සම්මාන උළෙල
2007
ජනතා
ඡන්දය - වසරේ ජනතා කලාකරුවා සැකිල්ල:දිනුවා
2007 අබා - වසරේ ජනතා චිත්‍රපටය සදහා වන
සම්මානය
රයිගම්
ටෙලීස් සම්මාන උළෙල
2014
අප්පච්චි - හොඳම නළුවා
2015 දස්කොන් - හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් - හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් - වසරේ හොඳම ටෙලිනාට්‍යය සදහා වන
සම්මානය
ලක්ස්
දෙරණ සිනමා සම්මාන උළෙල
2016
ඇඩ්රස් නෑ - හොඳම නළුවා සැකිල්ල:දිනුවා
2018 ධර්මයුද්ධය - හොඳම නළුවා සැකිල්ල:දිනුවා
2019 ජනප්‍රියම නළුවා සදහා වන සම්මානය
හිරු
රන් සිනමා සම්මාන උළෙල
2016
මහරජ
ගැමුණු - ජූරියේ විශිෂ්ටතා සම්මානය
ආසියානු
සිනමා උළෙල
2019
විෂම
භාග
- හොඳම
නළුවා සදහා වන සම්මානය
ෆොක්ස්
ජාත්‍යන්තර සිනමා උළෙල
2020
විෂම
භාග
- හොඳම
සහය නළුවා සදහා වන සම්මානය
ජීවමාන
පුරාවෘත්තයක් , විශ්වකෝෂයක් බඳු
වූ, ප්‍රවීන රංගධර ජැක්සන්
ඇන්තනි මහතාණෙනි, ඔබට නිවන් සුව!!!