කතන්දර එපා වැදපන් අම්මාට...
ජීවිතේ
කියන්නේ හරස්පද ප්‍රෙහෙලිකාවක් නමුත් කිසිම විටෙක ජීවිත දෙකක එක හා සමාන හරස්පද ප්‍රෙහෙලිකාවන්
සම්පූර්ණ වෙන්නේ නෑ, හැබැයි ප්‍රෙහෙලිකාවේ සමහර හිස්තැන්
පුරවන්න පාවිච්චි වෙන උපකාර පද එක හා සමාන වෙන්න පුලුවන් අවස්තා නැතුවම නොවෙයි. ඒ
වගේ හරස් පද ප්‍රෙහෙලිකාවක එක්තරා කොටු පේලියක් සමාන වෙන ඇය විටෙක මවක්, තවත් පේලියක ඇය නිල නොලත් ගණිකාවක් නමුත් ඈ තුල
උන් ගණිකාව පාගා දමා ඇගේ මාතෘත්වය නැගීසිටින්නේ ඔහුගේ හඩින් . සාදර බණ්ඩාර සංවේදි
ආවේගශීලි කතාන්දරයක් සිය හඬ දුනුවේ රඳවා ශ්‍රාවක සිත්හි සියුම්ම තැන ඉලක්ක කර
විඳිනු ලැබු හීය "පොඩ්ඩියේ" තවමත් ඇසෙන විට හිත හිරිවැටෙන තරමටම හඳවත
පසාරු කර ගනිමින් ගැඹුරට කිඳා බැස අවසානයි.
සඳරයන්ගේ
හඬින් අමතන්නේ සිය නැගනියයි.ඔහු නැගනිය මාර්ගයෙන් මුලු සමාජයටම තමන්ගේ මවගේ
අසාදාරණීය සාදාරණ කතාන්දරය කියාපායි.
පොඩ්ඩියේ
පොඩ්ඩියේ
අම්මා අම්මාමයි තාම
වැරදුනේ
අපි නිසයි ඈ වැරදිද කෝම
බක්
මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ
අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
ගීතයේ ආරම්භය ආවේගයක්, අයියා නැගනිය අමතයි 'පොඩ්ඩියේ' කේන්තියෙන්
උච්චතම අවස්තාවේ සිටින ඔහු සිය ඉවසීමේ සීමාව කඩා දමා ලෝකයා ඉඳිරියේ සියලු සත්‍ය
වමාරයි. තමන්ගේ අම්මා ලෝකයාට ගණිකාවක් උනේ තම දරු දෙදෙනාට මවකගේ යුතුකම් ඉටු
කරන්නටයි.මේ සංවාදය ඇති වෙන්නෙ අවුරුදු
උදාවක තම මව ගණිකාවක් යැයි කියමින් ඇයට වැදීම ප්‍රතික්ෂේප කල නංගිට ඇත්ත තේරුම්
කරන අයියකෙනෙක් වටා එය ගීතය තුල සංකේතවත් වනුයේ
'බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක'
යන
වචන කිහිපයෙන් ය .මෙහි තවත් ඇතුල් අරුතක් නැතුවාම නොවේ. කොවුලා එහෙමත් නැතිනම්
කොහා බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේය. නමුත් කවදාවත් කොවුලා සමාජයේ ගැරහීමට ලක්
නොවන්නේය. කොහා එනතුරු මඟ බලන්නේය.කොහෝ හඬ සැමදෙනා පිනවන්නේය.නමුත් කපුටන් සෑමගේ
අවලාද අසා ගැරහුම් ලබන්නේය. මෙහි කොවුල් බිජු පුපුරන දාට යැයි පවසන්නේ කුමක්ද
සොභාදහමේ හැටියට නම් කොවුල් බිජු පුපුරනුයේ කපුටු කූඩුවේය.එසේනම් නැගනිය යනු මේ කුටුම්බය තුල හැදී වැඩෙන කොවුල් බිජුවක්
දෝ යැ'යි කුකුසක් ඇති වීම සාදාරණ නොවන්නේද?
තනේ
කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ
හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ
පාරන්නෙ වන ඵල විස වී නම්
නගේ
දැන් යමං පඬිපුර ගිනි තියපන්
පත්තිනි
නාමය පතිවූතාව රැකීම තුලින් දේවත්වයට පාත්‍රවූ කන්නගීය.ඇය එදා සිය ස්වාමියාව
නිකරුනේ මරා දැමුවාට සිය පතිබලයෙන් වම් තනය ඉරා බිම ගැසුයේ පඬි පුරයම විනාශ
වන්නටය.එදත් ඇයගේ සාපයෙන් සමාජයක් විනාශ වූවත් සිය පතිවත රැකීමේ අනුහසින් ඇය
දේවත්වයට පත් වන්නේය.අද මගේ අම්මත් පතිවතෙන් පඬිපුරට සාපකර හිඳියේ නම් ඇය දේවත්වයට
පත් වී අප මියගොස් ඉන්නට ඉඩ තිබුණේය.නමුත් ඇය දේවත්වය පරයා මාතෘත්වය වෙනුවෙන්
පඬිපුරට පය තිබ්බාය.එසේනම් ඇය වැරදිකාරියක් කල,ඇයව
පාවිච්චි කරන පඬිපුරයට ගිනි තියන්න ඇයට මේ තත්ත්වයට පත් වෙන්න හේතු වුන උබයි මමයි, වරෙන් අපි යමු.
දන්
කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
ලොකු
හැමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ
ඇහේ නයි කඳුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
පන්සල
අතීතයේ පටන් ගමේ ඇති නිල නොලත් උසාවිය යි.එදා පටන් ගමේ බොහෝ ප්‍රශ්න සඳහා විසඳුම්
සොයා ගනු ලැබුවේ පන්සල ඇසුරේය. පන්සලේ වැඩ වසන බුද්ධ පුත්‍රයන් ධර්මය ඇසුරෙන් නිසි
පිලියම් ලබා දුන්නේය.ඒ එදා ය. අද පන්සල ඇත. ගැටලු ද ඇත. ධර්මය ද ඇත. නමුත් බුද්ධ
චීවරය තුල සිටිනුයේ බුද්ධ පුත්‍රයෙක් ද මායාවක් ද වග වටහා ගැනීමට අසීරුය. පන්සලෙන්
එන පණිවුඩ නොසලකා හැරිය නොහැකිය. එසේ උනොත් ගමේ වසලා හමාරය. පොඩ්ඩිගේ අම්මාට
පන්සලෙන් පණිවුඩ ලැබෙනුයේ දන්කද නැති දාටය. එදාට වලදනුයේ අම්මගේ රීරි මාංශයන් ය .ඒ
ද බුදු ගෙයි අතුරාගෙනය. චිංචිමානවිකා,පටාචාරා
කතාන්දර ලියා ඇති බුදු ගෙයි ලියවෙන අම්මගේ කතාන්දරය චිත්‍රයට නගන්නට තරම් සභ්‍ය
නොවිය හැක.මේ දෙස බලා කම්පා වන්නේ දවස් හතක් බුදු රදුන් ආරක්ෂා කල මුචලින්දය.අද
ඔහු නිසොල්මන් ය. එදා බුදුන් රැකි මුචලින්දයන්ට වත් මගේ අම්මා රැකගැනුමට නොහැකි වී
ඇත්තේය.
රත්වුන
යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත්වුණු
බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට
ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි
සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
ලෝකුරු ගැහැනුන් යනු රත්‍රන් ආභරණ කඩ වල සිටිනා කාන්තාවන් ය. ඔවුන් දන්න දවසේ සිට හැඳි වැඩෙන්නේ රත්‍රන් සමඟය.එවා තලා ආභරණ හදමින් ය.මේ කතාන්දරේ තුල ඇත්තේ වෙනම කතාවකි. රත්‍රන් සහ යකඩ රත් වූ විට වෙනස හඳුනා ගත නොහැකි තරම් ය. රත්‍රන් ඇසුරේම සිටියත් ලෝකුරු ගැහැනුන්ටද මෙය පැටලෙන්නේ නැතුවාම නොවේ.බඹරුන් ද එසේය. බඹරුන් තරම් මල් හදුනන්නේ කවුරුන්ද? නමුත් රාගයෙන් අන්ද වූ කල මත් බඹරාට රති කෙලියේ යෙදෙනුයේ පතිනියක් සමඟ ද ගණිකාවක් සමඟද වග අදාල නොවන්නේ ය.එවැනි ප්‍රවීණත්වයට පත් ඇත්තන්ටත් වරදින්නේ නම් තවම ලපටි උබ මොනවද බන් මේ ලෝකේ ගැන දන්නේ, යැ'යි ඔහු තම නැගනියගෙන් ප්‍රශ්න කරන්නේය.ඇත් තුත්තිරි ආක්‍රමණික ශාකයක් අනුන්ගේ රෙද්දේ ඇති පතිවත හොයන්න යන බොහෝ අයගේ සලු වල ඇත් තුත්තිරි තිබීම සාමාන්‍යය යි. මන්ද ඔවුන් බලනුයේ තම සලුවේ ඇති තුත්තිරි වලට වඩා වැඩියෙන් ඇති සලුවක් හොයාගන්නට ය.
සතා
කියා ඉඳහිටක දි ඇහුනාට
කතා
හදන උන් සේරම බෝසත් ද
යකා
වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර
එපා වැඳපන් අම්මාට
මේ
නම් සාරද බණ්ඩාර සිය පෞර්ෂත්වයෙන් සමාජයට කරනු ලබන ප්‍රභල ආමන්ත්‍රණයයි. උඩුගං බලා
ගලා යන ගීත හමුවන්නේ කලාතුරකින් ය. ඒ සඳහා සැඩ පහරට අභියෝග කල හැකි හඬ පෞර්ෂයක්
මෙන්ම හැගීම් ගොනුවක් අවක්ෂයෙන්ම පිහිටිය යුතුමය. සාරද බණ්ඩාර එවැනි උඩු ගං බලා
ගලා යන හඬක් බව ස්ථීර වන්නේ මෙම ඇමතුමෙන් ය.
අනෙකා
ජීවිත කතා තුල ඇති තුවාල පාරන්නේ ඊට වඩා තුවාලයක් ඇති අයවලුන් ය. එවිට තමාගේ
තුවාලයේ කැත වසා ගෙන ඊට වඩා පැසවු තුවාලයක් පාරවා සැනසීමට හැකිය.මේ නම් සමාන්‍ය
සමාජයයි. අමුවෙන් ව්‍යංගයෙන් වගේම ධ්වනියෙන් සහ හඬින් රසවත් වූ මෙය විටෙක මවු සෙනෙහසින්
ලියු ගීයක් වශයෙන් වර්ග කරන්නට අපට නොහැකි මන්ද ?
සටහන
පද
ගෙතුම
ප්‍රබෝධා විජේගුණතිලක