කරදරකාරී
අම්ල පිත්තයට මෙන්න විසඳුම් !
අද සමාජයේ බොහේ දෙනෙක් පීඩා විඳින රෝගී තත්තවයක් ලෙස ගැස්ට්‍රයිටිස් හඳුනා ගත හැක. සාමාන්‍ය ව්‍යවහාරය තුළ 'බඩේ දැවිල්ල' ගැස්ට්‍රයිටිස් රෝග තත්තවයයි. මෙය ආමාශයේ ඇතිවන ආසාදනය වීමකි. බොහෝ අය මෙය බඩේ ගෑස් ලෙස හැඳින්වුවත්එයා ඉතා වැරදි හඳුන්වා දීමකි. කෙනෙකුගේ ආහාර උගුරට එන විට නැතිනම් ඉක්කාව ඇති වන විට බඩේ ගෑස් යනුවෙන් හඳුන්වා වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර වෙත යොමු වේ. ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන්නේ අමාශයේ ඉතා සුළුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි. විශාල ලෙස තුවාල ඇති වීම ගැස්ට්‍රක් අල්සර් ලෙස හඳුන්වයි. ලතින් භාෂාවේ ගෑස්ටර් ලෙස හඳුන්වන්නේ ආමාශයයි.එයින් ආමාශයේ ඇතිවන තුවාල ගැස්ට්‍රයිටිස් වේ.
අද
වන විට සුලබ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක කෙරෙහි
අවධානය යොමු කිරීම වැදගත්. මන්දයත් එය රෝගය වළක්වා ගැනීම කෙරෙහි උපකාරී වීමයි.
ගැස්ට්‍රයිටීස් ඇති වීම කෙරෙහි බලපාන සාධක අතරේ ඉහළින් ම සිටින සාධකයක් වන්නේ
අධිකව මධ්‍යසාර භාවිතා කිරීමයි. එසේම දුම් පානය කිරීම, අධිකව තේ හා කෝපි වැනි දේ පානය කිරීම, අධිකව වේදනානාශක භාවිතා කිරීම මෙන් ම නිවැරදිව
ආහාර වේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන
රටාවන් මෙම රෝගී තත්ත්වයට හේතු විය හැක.
එසේ
ම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව Helicobacter Pylori නමැති බැක්ටීරියාව ආසාදනය වීම ද මෙම තත්ත්වය ඇති වීම කෙරෙහි හේතු විය හැකිය. එයට අමතරව ජීවන
රටාව ආශ්‍රිතව සිදුවන වෙනස්කම් එනම් ශල්‍යකර්මයකට මුහුණ දීම, අනතුරකට ලක් වීම, පිළිස්සිමක් හෝ දැඩි ආසාදන තත්ත්වයක් වැනි හේතුවක් නිසා ඇති වන ආතතිය ද මේ කෙරෙහි
හේතු වේ.
ප්‍රතිශක්තිකරණ
පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්ව එනම් ඇතැම් ආසාත්මිකතාවයන්, ඇතැම් දිලීර හා වෛරස් ආසාදන වැනි හේතූන් ද, ආමාශය ආශ්‍රිතව සිදු වන අනතුරු හෝ ශල්‍යකර්ම ආදිය ද මේ සඳහා මුල් විය හැක.
වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයන්ට ද මෙම තත්ත්වය ඇති වීමේ අවධානමක් දැකිය හැකි වන්නේ වයස් ගත වීමත් සමග ආමාශයේ බිත්ති තුනී වීම නිසයි. එසේම වැඩිහිටියන්ට ආසාදන තත්ත්වයන් ඇති වීමේ නැඹුරුවක් දකින්නට ලැබීමත් මෙයට හේතුවකි. ගැස්ට්‍රයිටිස් ආශ්‍රිතව ඇති විය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාට අනුව වෙනස් විය හැක. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස ,
*
උදරයේ ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන
දැවිල්ල හෝ කැක්කුම
*
වමනය යාමට ආසන්න සේ ගැඟීම හෝ වමනය යාම.
*
බඩ පුරවා දැමීම හෝ බඩේ අපහසුතාවක් දැනීම.
*උගුරෙහි
දැවිල්ලක් ඇති වීම.
*
කෑම අරුචිය
*
නිතර නිතර ඉක්කාවක් ඇති වීම.
ආදී
රෝග ලක්ෂණ හඳුනා ගැනීමට හැකි වන අතර, ගැස්ට්‍රයිටිස් තත්ත්වය බරපතළ තත්ත්වයට පත් වූ විට
*
වමනය සමග ලේ පිට වීම.
*
මළ සමඟ ලේ පිට වීම.
*
ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය
ආදී
ලක්ෂණ හඳුනා ගැනීමට හැකියි.
මෙම
රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි දින ගණනක් පවතින්නේ
නම් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය. විශේෂයෙන් වමනය සමග /
මළ සමග ලේ පිට වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම කළ යුතුය. ගැස්ට්‍රයිටිස්
රෝගය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා නොගතහොත් ඒ ආශ්‍රිතව සංකූලතා රැසක් ඇති විය හැක.
යම් රෝගයක් ඇති වී සුව කරගන්නවාට වඩා අප යුහුසුළු විය යුත්තේ එය ඇති වීම වළක්වා
ගැනීමයි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අධික
සැර සහිත ආහාර භාවිතයෙන් වැළකීම, තෙල්
හා පිෂ්ටය අධික ආහාර ගැනීමෙන් වැළකීම මෙන් ම තක්කාලි වැනි ආහාර අධිකව පරිභෝජනයට ගැනීමෙන් වැළකී සිටීමට වග බලා ගත යුතුය. එමෙන් ම යෝගට්, නිවුඩු සහිත ධාන්‍ය පොල් වතුර, ඇපල්
මෙන් ම අලුත් එළවලු හා පලතුරු මෙම රෝගී
තත්ත්වය පාලනයට හේතු වේ.
එසේ
ම වැදගත් ම කාරණයක් වන්නේ මෙම රෝගය වැළදුණු පසුව සුව කර ගැනීමට නම් ඔබගේ වැරදි ජීවන පුරුදු වෙනස් කර ගැනීමට
අවැසි බවයි. මත්පැන් දුම්මැටි භාවිතයෙන් වැළකීම, ආසාත්මික ආහාර වලින් ඈත් වීම, තේ හා කෝපි පානය අවම කිරීම, අධික තෙල් හා පිටි අඩංගු ආහාර ගැනීමෙන් වැළකීම, මිරිස් හා තුනපහ වැඩියෙන් යෙදූ ආහාර ගැනීමෙන්
වැළකීම, ඇඹුල් ගතිය වැඩි ආහාර ගැනීම අඩු කිරීම
මෙන් ම නිරාහාරව සිටීමෙන් වැළකීම වැදගත් වේ.
මානසික
ආතතිය පාලනය කර ගැනීම ද අත්‍යවශ්‍ය තවත් කරුණකි. ඒ සඳහා හොඳින් නිදා ගැනීම,
විවේකය
හා සතුටින් සිටීම වැදගත් වේ. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සිරුරේ නිසි බර පවත්වා ගෙන යාම හා ව්‍යායාම
කිරීම ගැස්ට්‍රයිටිස් රෝගය පාලනය කිරීමට උපකාරී වේ. එමෙන් ම වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ නිසි
පරිදි භාවිතා කිරීම ද වැදගත් වේ.
සටහන:
පියුමි හංසිකා
Writer of Mix Cafe E - Magazine